එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව ඊයේ (06) පස්වරු 4.15 වන විට මැතිවරණ දිස්ත්‍රික්ක 16ක දේශපාලන පක්ෂ 10ක් ඇපමුදල් තැන්පත් කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 38ක් මැතිවරණ දිස්ත්‍රික්ක 16ක් වෙනුවෙන් සිය ඇප මුදල් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1