AFC Banner
Empty Ad
Empty Ad

පිස්තෝල ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අල්ලයි

අද (18) දින උදෑසන රාජාංගනය පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත යාය 15, මාරගහවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී ස්වයංක්‍රීය පිස්තෝල අවියක් ද පතරොම් 11 ක් සහ පතරොම් ගැබ් 1 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වයස අවුරුදු 42 ක් වන මාරගහවැව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මොහු ශ්‍රී ලංකා යුධ හමුදාවට අනුයුක්තව සේවය කර 2022.05.11 වන දින සේවයෙන් විශ්‍රාම ලබා සිටින අයෙකු බවත් විශ්‍රාම ලබන විට කිලිනොච්චිය යුධ හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරි කර ඇති බවටත් විමර්ශණවලදී අනාවරණය වි තිබෙනවා.

සැකකරුට මෙම ගිනි අවිය ලැබුනු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් රාජාංගනය පොලිසිය විසින් සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?