AFC Banner
Empty Ad
Empty Ad

පැලක තනිව වාසය කළ අයෙකුගේ අභිරහස් මරණයක්

සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ නීලබැම්ම නම් ගම්මානයේ කුඹුරකින් නාදුනන මළ සිරුරක් හමුව තිබෙනවා.

සාලියවැව පොලීසිය සැක පළකරන්නෙ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වනු ඇති බවත් වන අලි පහර දීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය යන්නට ඇති බවත් ය.

12 කණුව නීලබැම්ම ප්‍රදේශයේ විල්පත්තු රක්ෂිතයට ආසන්නයේ කුබුරු ඉඩමක තිබී මෙම කුණු වී ගිය මළ සිරුර හමු වී තිබෙනවා

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 -74 පමණ වයසැති අයෙක් බවට ගම්වාසීන් හදුනා ගෙන තිබෙන අතර මෙම පුද්ගලයා අවිවාහක තැනැත්තකු වන අතර මොහුගේ කුඹුරු ඉඩමේ තනිවම පලු ගසක් මුදුනේ අටවාගත් පැලක වාසය කර ඇත.

මරණකරු හදුනා ගැනීමට නොහැකි අයුරින් මසකට පමණ කාලයක් ආසන්නව කුණු වී ඇති බවයි වාර්තා වන්නේ

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?