Empty Ad
Empty Ad
AFC Banner

 පැය 6ට 23ක් අත්අඩංගුවට

කොළඹ වෙරළබඩ පොලිස් වසමේ සිදු කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සවස 4 සිට රාත්‍රී 10 දක්වා සිදුකළ පැය හයක මෙම මෙහෙයුමේදී මත්කුඩු, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විවෘත වරෙන්තු ලැබූවන් දෙදෙනකු, බීමත්ව රිය පැද වූ පුද්ගලයන් දෙදෙනකු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සියලුදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?