පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් 3ක් එකට සැසඳුනු හැටි හෙලි වෙයි

2018 වසරේ කාත්තන්කුඩියේ නිවසකට සහ ජාතික පෙරමුණ පක්ෂ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරවල බෝම්බ කොටස් සහ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් සඳහා යොදා ගත් බෝම්බ කොටස් සමාන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. 

ඊට අදාළව ඊයේ (02) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

2018 වසරේ පෙබරවාරි මාසයේ කාත්තන්කුඩියේ මෙම බෝම්බ ප්‍රහාර සිදු වූ අතර, වැඩිදුර පරීක්ෂණවලදී ඒවා කාල බෝම්බ බව තහවුරු වී තිබුණා. 

සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් එම වසරේම අගෝස්තු මාසයේ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ අතර, එහිදී සොයා ගත් බෝම්බ කොටස් ද පාස්කු ප්‍රහාරයේ දී යොදා ගත් බෝම්බ සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55