හික්කඩුව ප්‍රධාන පෙළේ හෝටලයක දහවල් ආහාර විෂ වීමකින් චෙස් ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමට පැමිණි ළමුන් හතළිහකට ආසන්න පිරිසක් රෝගාතුරව හික්කඩුව ආරච්චි කන්ද රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම හෝටලය හික්කඩුව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, හෝටලයේ ජල ටැංකිය අපවිත්‍රව තිබු බවයි. ඒ අනුව, ජලය සහ ආහාර සම්පල කළුතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබේ
තවද ඒ අවට තවත් ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවක් විශේෂ පරීක්ෂාවක් සිදු කර ඔවුන්ට විරුද්ධව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ ලබන 8 වෙන දින නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ආහාර සාම්පල් කළුතර රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
+1
+1
2













