පොතුහැර දී තරුණියක් පැහැර ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිය මව සමඟ සිටි තරුණියකව ඊයේ (06) දිනයේ, උදෑසන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

පොතුහැර, අමුණුගම, රංජනගම පාරේ පිහිටි වෙළඳසැල වෙත පැමිණි පිරිසක් එහි සිටි මෙම තරුණියව මෙලෙස පැහැරගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් ඇයව පැහැරගැනීම සඳහා CP CBB 5513 දරන මෝටර් රථය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ සිද්ධිය අතිශය බරපතළ සහ හදිසි තත්ත්වයක් වුවද, වගකිවයුතු පොලිස් නිලධාරීන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කඩිනම් විමර්ශනයක් ක්‍රියාත්මක කර නොමැති බවටයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් පොලිසියෙන් සිදුකළ විමසිමදී ඔවුන් සඳහන් කළේ, සිද්ධිය පිළිබදව විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, පැහැර ගැනීමට ලක්වූ බව කියන තරුණිය සහ තවත් අයෙක් මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට ද ගොස් ඇති බවත්, පැහැරගැනීමක් නොව සිය කැමැත්තෙන් අදාළ තරුණිය පැමිණ ඇති අතර, ඇය මේ වන විට අදාළ අනෙක් පුද්ගලයා සමඟ විවාහ වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15