පාස්කු විමර්ශනවලට දේශපාලන අතගැසීම් සිදුවනවා නම් එය වින්දිතයින්ට කරන අසාධාරණයක් – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දේශපාලන අතගැසීම් සිදුවන්නේ නම්, එය පාස්කු වින්දිතයින්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදක සහ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

අද (08) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ.

මෙහිදී අදහස් දක්වමින් පියතුමන් සඳහන් කර සිටියේ, රට තුළ පවතින ඇතැම් ක්‍රියාවලි හරහා පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල යම් බාධාවක් මතුවෙනු ඇතැයි සැකයක් පවතින බවයි.

“කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් හෝ මේ විමර්ශනවලට ඇඟිලිගහන්න ඕන නෑ. මේ රටේ නීත්‍යානුකුල විමර්ශන කණ්ඩායම් තියෙනවා. ඒ අය මේ ගැන විමර්ශන සිදුකරගෙන යනවා. එතකොට ඒ විමර්ශන කරගෙන යන්න ඒ අයට අනිවාර්යෙන් පහසුකම් සැපයීම සහ නිදහසේ එම විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේමේ යුතුකම සහ වගකීම. ඒ නිසා එම විමර්ශනවලට කවුරුහරි බාධා කරනවා නම් ඒක වින්දිතයින්ට කරන අසාධාරණයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34