ගිනිගත් වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට

විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ – බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසය ඇති වූ ගින්නට හසුව අහිමි වූ ජීවිත ගණන මේ වන විට 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියත් සමඟ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු වූ බව කියන පරිපාලනමය ගැටළු සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වූ අතර සිද්ධිය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ද සඳහන් කළේ මෙම රැදවුම් මධ්‍යස්ථානය කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යන ලද්දක් බවයි.

කෙසේ වෙතත් මීට මාස 04කට පමණ ඉහතදී, එනම් පසුගිය පෙබරවාරි මස 02 වැනිදා, අදාළ රැඳවුම් මධ්‍යස්ථානය පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, ප්‍රදේශිය ලේකම්වරිය විසින් මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ බව පැවසෙන ලිපියක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම ලිපියේ අන්තර්ගතයේ උපුටා ගැනීමක් පහතින්,

බටගොඩ, මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසයේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ වාර්තා කිරීම

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 649 බටගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවත්වා ගෙන යනු ලබන මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය, මානසික රෝගීන් සඳහා නේවාසික රැකවරණය සලසන නිවාසයක් ලෙස ක්‍රියාත්මක වේ. කළුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුපිට ආබාධිත නිවාසයට අනුබද්ධව එක්සත් සරණ සේවා පදනම මගින් පවත්වා ගෙන යන මෙය, 2024 නොවැම්බර් මස ආරම්භ කළ එකකි.

  1. ආරම්භයේ දී, මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වුණු මෙම නිවාසය, මේ වන විට මානසික රෝගී පිරිමි පුද්ගලයන්ට ද රැකවරණය සැලසීම සිදු කරයි. මෙම නිවාසය සම්බන්ධයෙන් සිදු කරන ලද නිරීක්ෂණ අනුව, භාරකරුවන් සිටින, මුදල් ගෙවීම සිදු කරන පුද්ගලයන් ද, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙන් ම දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරන භාරකරුවන් නොමැති රෝගීන් ද මෙහි නේවාසිකව සිටියි. ඒ අනුව, මේ වන විට කාන්තා නේවාසිකයන් 28 දෙනෙකු සහ පිරිමි නේවාසිකයන් 20 දෙනෙකු මෙහි රැදී සිටියි. දහවල් කාලයේ දී මෙම නේවාසිකාගාර පරිශ්‍රයේම අවට ගත කරනු ලබන පිරිමි නේවාසිකයන්, රාත්‍රී කාලයේ දී එම වසමේ ම කුළී පදනම මත ලබාගත් වෙනත් නිවසක් වෙතට යොමු කරනු ලැබේ.
  2. මෙම නේවාසිකාගාරයේ උපරිම ධාරිතාව නේවාසිකයන් 15 දෙනෙකු සඳහා පමණක් වන අතර, එකම ඇඳ නේවාසිකයන් දෙදෙනෙකුට වෙන්වන අවස්ථා මෙන්ම ඇඳක් නොමැතිව සිටින නේවාසිකයන්ද නිවාසය තුළ නිරීක්ෂණය වේ. එසේම, නිවාසය ඇතුළත දැඩි දුර්ගන්ධයක් මෙන්ම අපිරිසිදු බවක්ද නිරීක්ෂණය වේ. නේවාසිකයන් ගණනට සාපේක්ෂව පවතින වැසිකිළි සහ නාන කාමර ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව පෙනී යන අතර, නේවාසිකාගාරයේ සෞඛ්‍යාරක්ෂිත භාවය පවත්වාගෙන යාමට ද ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බව ද නිරීක්ෂණය වේ. නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොවීම හේතුවෙන් නේවාසිකයන් නිවාසයෙන් පැනයාම ද වාර්තා වන අතර මානසික රෝගී පුද්ගලයන් බැවින් එය අවට සමාජ සුරක්ෂිත භාවයට ද බලපෑම් ඇති කරනු ලැබේ. එසේම, නිවාසය තුළ කෙටි කාල සීමාවක් ඇතුළත මරණ කිහිපයක් ම සිදු වී ඇති බවට ද වාර්තා වී ඇත.

04.කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන සමාජ සුභසාධනය පදනම් කරගත් ආයතනයක් වන බැවින්, මෙම නිවාසය වසම් භාර නිලධාරීන්, සමාජ සේවා නිලධාරි සහ වනිතා සංවර්ධන නිලධාරී මඟින් මෙන්ම මා විසින් ද වරින් වර අධීක්ෂණය සිදු කරන ලදි. එම සෑම අධීක්ෂණ අවස්ථාවකදී ම, ධාරිතාව ඉක්මවා නේවාසිකයන් ඇතුළත් කර නොගන්නා ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිසරය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව පවත්වා ගෙන යන ලෙසත් නේවාසිකයන්ට ප්‍රමාණවත් පහසුකම් සලසන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබුව ද, එම උපදෙස් අනුව කෙටි කාලයක් කටයුතු කර, නැවත සුපුරුදු ගැටළුකාරි පිළිවෙලට පවත්වා ගෙන යාම මෙම නිවාසයේ සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.

  1. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පොලිසිය මෙන්ම ගම්වාසීන්ගෙන් ද අනාරක්ෂිත ලෙස පවත්වා ගෙන යනු ලබන මෙම නේවාසිකාගාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත විවිධ අවස්ථාවල දී, නිවාසයේ පාලන අධිකාරිය කැඳවා, සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලිඛිතව ලබා දීම ද සිදු කර ඇතත්, සුරක්ෂිත ලෙස මෙම නේවාසිකාගාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව ඇත.
  2. මානසික සෞඛ්‍ය විද්‍යායතනය, විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙන්ම පෞද්ගලික භාරකරුවන් මඟින් යොමු කරනු ලබන මානසික රෝගීන් කිසිදු නියාමනයකින් හා විධිමත් අධීක්ෂණයකින් තොරව භාර ගනිමින්, පෞද්ගලික පදනමෙන් පවත්වා ගෙන යනු ලබන මෙම නිවාසය මඟින් ඉදිරියේදී මෙම කොට්ඨාසය තුළ විවිධ සමාජ ගැටළු රාශියක් උද්ගත වීමේ හැකියාවක් පවතින අතර, මෙම ගැටළු නිරන්තර අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම කාර්යාලයට නොමැති බැවින්, මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.

උපුටා ගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25