පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරලා – සැකකරුවන් සොයා විමර්ශන

17 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවට පැවසෙන සිදුවීමකට සම්බන්ධ තරුණයින් පස්දෙනෙකු සොයා පොලිස් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හංවැල්ල පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව පොසොන් පොහොය දිනයේ දී තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දීයි මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාළ දැරියට යතුරුපැදියට ගොඩවෙන ලෙස තර්ජනය කර එලෙස නොපැමිණියහොත් ඝාතනය කරන බවව පවසා තිබෙනවා.

ඉන් බියට පත් වූ එම සිසුවිය යතුරුපැදියට නැග ඇති බවත්; එම තරුණයින් විසින් ඇයව ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුළට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බවත් එම දැරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලෙහි සඳහන් වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ලිංගික හිංසනයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පොසොන් පොහෝ දින උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙමිවතා හමු වීමට ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  1. Okuna එල්ලා මරන්නෙ ornery
    හරි නීතිය k නැති kama තමයි
    Dawasa ganema අහන්න තියෙන්නේ දූෂණය හොරකම වංචාව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51