AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ගුරුවරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලා අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන මෙම ගුරුවරයා පාසලට ළමයෙකු ඇතුලත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකාර ගුරුවරයා කුරුණෑගල පුවක්ගස් හංදිය ආසන්නයේදී රුපියල් ලක්ෂ තුනක 3ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ම අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම ගුරුවරයා ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසලේ කලා අංශයේ පුරප්පාඩු සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු ඇතුලත් කරගැනීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?