AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිකම මන්ත්‍රිනී පෝල්රාජ්ට (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති තනතුර මන්ත්‍රිනී සාවිත්‍රී පෝල්රාජ් මහත්මියට හිමි ව තිබෙනවා.

ඊයේ (03) පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද එක් ව සිටියා.

මහජන ඡන්දයෙන් කාන්තාවන් සැලකිය යුතු ප්‍රතිශතයකින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වීම සුවිශේෂී
ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ.

මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිත වෙන රටක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව බව නව තනතුරට පත් එම සංසදයේ සභාපතිවරිය වන සාවිත්‍රී පෝල්රාජ් මන්ත්‍රීවරිය සඳහන් කළා.

මෙහිදී සංසදය මගින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් ද පිහිටුවනු ලැබුවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවකට අනුව ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දිනය සිහිගන්වමින් එය සැමරීම ලබන 6 වැනිදා සිදු කිරීමට ද නියමිතයි.

Women Caucus 20241203 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?