AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට ටිකිරි කේ. ජයතිලක පත්වෙයි

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා පත් කර තිබෙනවා.

ඔහුගේ පත්වීම ඊයේ (23) සිට බලාත්මක බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ.

2002 වර්ෂයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ටිකිරි කේ. ජයතිලක මහතා රජයේ අධිනීතීඥයෙකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ රැසක නඩු කටයුතු මෙහෙයවා තිබෙනවා.

වසර 2006 දී අධිකරණ සේවයට සම්බන්ධ වූ ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයෙකු සහ අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අධිකරණ ගණනාවක සේවය කර තිබෙනවා.

2015 වසරේ දී සහකාර මහ ලේකම්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්වන ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සේවා පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ටිකිරි කේ. ජයතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ද, නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධිය ද හදාරා ඇති අතර ඔහු ප්‍රජා පාදක විශෝධනය පිළිබඳ ග්‍රන්ථයක්ද පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18

?