පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්

රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය වුණා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර අදාළ සියලු ආයතන ද ඊට සම්බන්ධ කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී උපදෙස් දුන්නා.

මිට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන අය ද, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඒ.එල්.එම් අතාවුල්ලා, සුදර්ශන දෙනිපිටිය, ජගත් සමරවික්‍රම යන අයද, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ, වාරිමාර්ග අමාත්‍යංශයේ, ජල සම්පාදන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?