spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාදෙණියලාගේ බල බිඳී යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රමුඛ එහි විධායක සභාවට එරෙහිව වෛද්‍ය චමල් සංජීව මහතා ගොනු කළ නඩුවක් කැඳ වූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කොට ඇත.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව ප්‍රකාරව එහි පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කරන ලෙස  පළමු  වාරණ ආඥාවෙන් නියෝග කර ඇති අතර අතුරු කමිටුවක් පත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට බාධා නො කරන ලෙස ද  එහිදී රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමයේ විධායක සභාවට නියෝග කර තිබේ. 

දෙවැනි වාරණ ආඥාවෙන් නියෝගය කර ඇත්තේ අතුරු කමිටුව පත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු කණ්ඩායමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයට ඇතුළු වීමේදී  බාධා නො කරන ලෙස යි.  ඒ අනුව වෛද්‍ය චමල් සංජීව මහතාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇතුළු වීමේ අවසරය හිමි ව ඇත.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර එම නීතිඥ කණ්ඩායමේ නීතිඥ සම්පත්  විජයවර්ධන මහතා පැවසුවේ වාරණ නියෝගය දින 14කට පැන වූ බව යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?