Empty Ad
AFC Banner
Empty Ad

පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයට අද එක් වූ නෝමන් අලි

ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී පාකිස්ථාන දඟ පන්දු යවන්නෙකු ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය නෝමන් අලිගේ නම ඉදිරියේ අද ලියවුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (25) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ දීනෝමන් අලි මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පළමු ඉනිමේ දී මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා වූ අතර, එහිදී ඔහු කොදෙව් පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවේ ලකුණු 41ක් පමණක් ලබාදෙමින්.

ජස්ටින් ග්‍රීව්ස්, ටෙවින් ඉම්ලාච් සහ කෙවින් සින්ක්ලෙයාර් පිට පිට දවාගත් අලි කඩුලු ත්‍රිත්ව වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර නෝමන් අලි වාර්තා අතර එක්වන්නේ පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් දවාගත් හයවන පන්දු යවන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් රට තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ?
07:46
Video thumbnail
මාලිමාව කෙඳිරි ගෑවෙන්නම වැඩේ දෙයි - කඩුවෙල නගරාධිපති අපේක්ෂකයා මමයි
09:00
Video thumbnail
ආනුරාධපුර රෝහලේ ජරමරේ - අහිංසක මිනිස්සු - නන්නත්තාරයි
03:22

?