Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාකිස්ථානය සමඟ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (13) නිමාවට පත්වුණා.

තරගයේ පළමු දිනයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථානය ආරාධනා කළ අතර, ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 09ක් දැවීගොස් ලකුණු 434ක් රැස්කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පිළිතුරු වශයෙන් පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 446ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් සහ හිටපු නායක ධනංජය ද සිල්වා ශතක රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 12ක් පිටුපසින් සිය පළමු ඉනිම ඇරඹු පාකිස්තානය තරගයේ අවසන් දිනය වන අද (13) දිනයේ නිමාව තෙක් පිතිකරණයේ යෙදෙමින් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 08කට ලකුණු 284ක් රැස්කර ගත්තා.

එලෙස තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර, තරග දෙකෙකින් සමන්විත තරගාවලියේ ජය පරාජය තීරණය කෙරෙන, දෙවන ටෙස්ට් තරගය ලබන 17 වැනිදා ආරම්භ කෙරෙනවා.