AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජනපති හමු වෙයි

තුන් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඇතුළු පිරිස සමඟ සුහද කථා බහකට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?