පාකිස්ථානයට භාරකාර අගමැතිවරයෙක්

පකිස්ථානයේ භාරකාර අගමැති ලෙස සෙනෙට් සභික අන්වාර්-උල්-හක් කකාර් නම් කිරීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් එකඟ වී තිබෙනවා.

බොලොකිස්තානයේ නිරිතදිග පළාතේ එතරම් ප්‍රසිද්ධ නැති දේශපාලනඥයෙකු වන කකාර්, නව රජයක් තේරී පත් වන තෙක් රට මෙහෙයවීමට කැබිනට් මණ්ඩලයක් නම් කර නායකත්වය දෙනු ඇති.

අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒකාබද්ධව අත්සන් කර ඇති ගිවිසුම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යවන බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ.

ජනාධිපතිවරයා ස අරිෆ් අල්වි කකාර්ගේ පත්වීම අනුමත කළ බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පකිස්ථාන ව්‍යවස්ථාව යටතේ මධ්‍යස්ථ භාරකාර රජය ජාතික මැතිවරණ අධීක්‍ෂණය කරන අතර එය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමෙන් දින 90ක් ඇතුළත පැවැත්විය යුතුයි.

ආර්ථික කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අපේක්ෂකයාට අමතර බලතල හිමිවන නිසාත්, මැතිවරණය මාස හයක් තරම් ප්‍රමාද විය හැකි බවටත් බියක් පවතින නිසාත් මෙවර භාරකාර අගමැති තේරීම ඉහළ වැදගත්කමක් ගෙන දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට ෆෙඩරල් සහ පළාත් මැතිවරණ කොට්ඨාශ සිය ගණනක් සඳහා නව මායිම් සකස් කළ යුතු අතර, එය මත පදනම්ව එය මැතිවරණ දිනයක් ලබා දෙනු ඇති.

වැඩ බලන අගමැතිවරයා ලෙසට පත්වූ කකාර් 2018 වසරේ සිට පකිස්ථානයේ සෙනෙට් සභාවේ හය වසරක කාලයක් නියෝජනය කරනවා.

ඛනිජ වලින් පොහොසත් නිජබිම වන බලුකිස්තාන් පළාත පකිස්ථානයේ ප්‍රමාණයෙන් විශාලතම නමුත් ජනගහනයෙන් කුඩාම වන අතර දශක ගණනාවක් තිස්සේ ප්‍රචණ්ඩකාරී ජාතිකවාදී කැරැල්ලකට තෝතැන්නක් වූ ප්‍රදේශයක්.

කකාර් සෙනෙට් සභාව විසින් ස්වාධීන දේශපාලනඥයෙකු ලෙස ලැයිස්තුගත කර තිබුණ ද ප්‍රාදේශීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ හමුදාවට සමීප යැයි පුළුල් ලෙස සැලකෙන Balochistan Awami පක්ෂයේ කොටසක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41