පාකිස්තානය දිනය නිමා කරන විට පළමු ඉනිමෙන් ශක්තිමත් – අබ්දුල්ලා හා මසූඩ්ගෙන් අගනා ශතක

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවත් තරගාවලියක් අද (07) ආරම්භ වුණේ එංගලන්තය සහ පාකිස්තානය අතරයි.

තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරනු ලබනවා.

පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වූයේ මුල්තාන් ක්‍රීඩාංගණයේ දී වන අතර කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ශාන් මසූඩ් පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව සිය පළමු දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328ක්.

පළමු කඩුල්ල ලකුණු 10කටත් අඩුවෙන් තිබියදී බිඳ වැටෙද්දීත්, දෙවැනි කඩුල්ලට පිටියට එක් වූ නායක ශාන් මසූඩ් සහ අබ්දුල්ලා ශාෆිකි දෙවැනි කඩුල්ලට ද්විත්ව ශතකය ද ඉක්මවමින් ලකුණු 253ක සබඳතාවක් ගොඩනැගුවා.

එහිදී අබ්දුල්ලා ශාෆිකි ලකුණු 102ක් ලබාගත්තේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය 05 වැනි ටෙස්ට් ශතකයට ද හිමිකම් කියමින්.

නායක ශාන් මසූඩ් ද සිය ටෙස්ට් දිවියේ 05 වැනි ටෙස්ට් ශතකය අද දිනයේ දී ලබාගත් අතර ඔහු තමන්ගේ ටෙස්ට් දිවියේ ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව 156 සීමාව අබිබවා යෑමට සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ ලකුණු 151කට ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේයි.

අබ්දුල්ලා දවා ගන්නට ඇට්කින්සන් සමත් වූ අතර ඔහු අද දිනයේ දී කඩුලු 02ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් ක්‍රිස් වෝර්ක්ස් සහ ජැක් ලීච් හට හිමිවුණා.

පළමු දිනයට තරගය නතර කරන විට පස්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටියේ සෞද් ශකීල් සහ නසීම් ෂා යි.

හෙට (08) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?