ප්‍රාදේශීය සභා හිටපු සභාපති ඇතුළු හයකට බරපතළ වැඩසහිත සිරදඬුවම්

1997 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට රත්නපුර මහාධිකරණය මඟින් පැන වූ බරපතළ වැඩ සහිත වසර 05ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළා.

මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ අචල වෙංගප්පූලි යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී වෙළඳසැලකට ගිනි තැබූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

එම නඩුවෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය විසින් 2007 වසරේදී බරපතළ වැඩ සහිත වසර 05ක සිර දඬුවම් නියම කළා.

එම දඬුවම අහෝසිකර තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් හයදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළා.

එය විභාග කළ අභියාචනාධිකරණය එම ඇපෑල නිෂ්ප්‍රභ කර තිබුණා.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

ඒ, අනුව රත්නපුර මහාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම ඊයේ (26) දින සිට ක්‍රියාත්මක විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03