ප්‍රධාන පුහුණු තනතුර ගැන අර්ජුන කියන කතාව…

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුරට විදේශිකයින්ම යොදාගත යුතුය යන නිලධාරීන් සතුව ඇති මාන්නය අතහැර දැමියයුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ද ඉතා දක්ෂ පුහුණුකරුවන් රැසක් සිටින බවය.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් අර්ජුන රණතුංග ඒ බව සඳහන් කළේය.

“මං හිතන්නේ ඕක නං උපදේශක කට්ටියගෙනුයි පාලක මණ්ඩලයෙනුයි අහන්න ඕනේ. අද මේ රටට මිනිස්සු එන්න කැමති නෑ. පිටරට පුහුණුකරුවෝ ඕනේ කියලා.. අපිට තියෙනවා මහලොකු මාන්නයක්. ලංකාවේ පුහුණුකරුවෝ ඕනේ තරම් ඉන්නවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය,

“මං හිතන්නේ ඒක ලොකු පාඩුවක් මේ වෙලාවේ. ඒකට අපි පිළියමක් යොදන්න වෙයි. පුළුවන් තරම් ඉක්මණට. ක්‍රීඩකයෝ දැන් කල්පනා කරලා පුළුවන් තරම් තමන්ගේ රජකාරිය හරියට ඉෂ්ඨ කරන්න ඕනේ. විදේශම කියලා නෑ. අපිට ඉන්නවා නම් හොඳ කෙනෙක් අපි එයාව ගන්න ඕනේ.

මාධ්‍යවේදියෙක් – “මේකට සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන් නේද ?”

සනත් ජයසූරිය – “එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනොත් සලකාබලනවා.”

ඕමානයේ පැවති ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් පළ කර තිබුණි.

ඕමානයේ පැවති ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (29) සමත් විය.

ඒ අවසන් තරගයේදී ඒෂියා ලයන්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.

එහිදී යළි සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයක නිරතවූ කෙවින් පීටර්සන් පන්දු 22කදී වේගවත් ලකුණු 48ක් රැස්කිරීමට සමත් වු අතර ඇන්ඩර්සන් පන්දු 43කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 94ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 257ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඒෂියා ලයන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුනු 231ක් පමණි.

එහිදී තිලකරත්න ඩිල්ෂාන්ගේ ඩිල්ස් කූප් පහර, මෙරට ක්‍රීඩාලෝලීන් යළි දැකගැනීමට හැකිවු අතර සනත් ජයසූරිය ඔහුටම ආවේනික වූ පහරවල් එල්ල කරමින් පන්දු 23කදී ලකුණු 38ක් රැස් කළේ මෙරට ක්‍රීඩාලෝලීන් යළි අතීතයට රැගෙනයමිනි.

මොහොමඩ් යූසුෆ් නොදැවී ලකුණු 39ක් සහ උපුල් තරංග ලකුණු 25ක් රැස් කළේය.

මුත්තයියා මුරලිදරන් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීම කැපී පෙනුනි.

ඒ අනුව පළමු වරට පැවැති ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඩැරන් සැමීගේ නායකත්වයෙන් යුත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම විසින් හිමි කරගැනීමට සමත්වී තිබුණි.

තරගාවලියේ අනුශූරයින් වු ඒෂියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55