AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රංශ ආරක්ෂක අංශ දූත පිරිසක් දිවයිනට

ප්‍රංශයේ ආරක්‍ෂක හා සුරක්‍ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක (Deputy Director of the Defence and Security Cooperation Department) Jerome BRESSON මහතා සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල්, Emmanuel PELTRIAUX ඇතුළු ප්‍රංශ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම ඉහළ නාවික නිලධාරීන් නිල හමුවක් සඳහා ඊයේ (10) දින මෙරටට පැමිණ ඇති අතර නාවික හමුදා මූලස්ථානයේ දී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවුණා.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ප්‍රංශයේ ආරක්‍ෂක හා සුරක්‍ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු ප්‍රංශ දූත පිරිස අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?