පළාත් සභා මැතිවරණය ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වුණා.

මෙම විශේෂ කාරක සභාව එහි සභාපති, අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් සහභාගී වුණා.

පළාත් සභා මැතිවරණයේදී කාන්තා සහ තරුණ නියෝජනය වඩාත් ඵලදායී ලෙස සහතික කළ හැකි විකල්ප මැතිවරණ ක්‍රමවේද කිහිපයක් පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුවමාරු කෙරුණා.

පැරණි සමානුපාතික මැතිවරණ ක්‍රමය යළි භාවිත කිරීමේදී නාමයෝජනා ලැයිස්තුවල කාන්තා සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීම, සීමා නිර්ණය සම්බන්ධ නීතිමය බාධා නිරාකරණය කරමින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යොමු වීම, සහ කාන්තාවන් සඳහා වෙන් කළ කොට්ඨාස හඳුන්වා දීම ඇතුළු යෝජනා මෙහිදී ඉදිරිපත් වුණා.

එමෙන්ම, නාමයෝජනා ලැයිස්තු මට්ටමින් පමණක් නොව, සභාව තුළද කාන්තා නියෝජනය නීතිමය වශයෙන් සහතික කිරීම කෙරෙහි මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, සභාවේ සමස්ත නියෝජනයෙන් අවම වශයෙන් 25% ක හෝ 1/3 ක (33%) කාන්තා නියෝජනයක් තහවුරු කිරීම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

මනාප ඡන්ද ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩිදියුණු කළ හැකි ක්‍රම, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ද මෙහිදී සලකා බැලිණි. එමෙන්ම, තරුණ නියෝජනය මැතිවරණ ක්‍රමය තුළ වඩාත් ඵලදායී ලෙස සහතික කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අදහස් පළ වුණා.

එසේම, පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සහ නිර්දේශ සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බව ද කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06