පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අනුමැතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමිය ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ සභාපතිත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව ද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි වුණා.

මෙම කාරක සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?