පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 260ක් රැස්කරගෙන සිටියා.

බංග්ලාදේශයේ චිතගොං හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 397ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.

පන්දු යැවීමේ දී නයීම් හසන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 465ක් රැස්කළ අතර එහිදී මුෂ්ෆිකර් රහීම් සහ තමිම් ඉක්බාල් ශතක රැස්කරමින් සිය දායකත්වය කණ්ඩායමට එක් කළා.

අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක් වූ කසුන් රාජිත බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 94ක් බිඳ හෙලීමට සමත් වුණා.

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 68ක් පසු පසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පස්වන දිනය වන අද දිනට තරගය නතර කරනවිට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 260ක්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස්කරගෙන සිටියා.

නායක දිමුත් කරුණාරත්න 52යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39