පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 260ක් රැස්කරගෙන සිටියා.

බංග්ලාදේශයේ චිතගොං හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 397ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.

පන්දු යැවීමේ දී නයීම් හසන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 465ක් රැස්කළ අතර එහිදී මුෂ්ෆිකර් රහීම් සහ තමිම් ඉක්බාල් ශතක රැස්කරමින් සිය දායකත්වය කණ්ඩායමට එක් කළා.

අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක් වූ කසුන් රාජිත බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 94ක් බිඳ හෙලීමට සමත් වුණා.

බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 68ක් පසු පසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පස්වන දිනය වන අද දිනට තරගය නතර කරනවිට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 260ක්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස්කරගෙන සිටියා.

නායක දිමුත් කරුණාරත්න 52යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47