AFC Banner
Empty Ad
Empty Ad

පළමු ටෙස්ට් තරගයට එක්වන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා එක්වන නවසීලන්ත සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති එහි නායකයා ලෙස කටයුතු කරණු ලබනවා.

මේ අතර, නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියේ ආරම්භක තරඟය සඳහා ප්‍රමාද වී සංචිතයට එක්වන බවයි වාර්තා වන්නේ.

ටවුපෝ හි හිටපු නගරාධිපතිවරයෙකු වූ ඔහුගේ මිත්තණිය වන ජොආන් විලියම්සන්-ඕර්ගේ අභාවය හේතුවෙන් ඔහුට නියමිත දිනට නවසීලන්ත සංචිතය සඳහා එක්වීමට නොහැකි වී තිබෙනවා.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 09 වනදා ක්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරග වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතය පහතින්.

ටිම් සවුති (නායක), ඩැරිල් මිචෙල්, ටොම් ලේතම්, ටොම් බ්ලුන්ඩල්, බ්ලෙයාර් ටික්නර්, නීල් වැග්නර්, ස්කොට් කුග්ගෙලේජින්, හෙන්රි නිකලස්, කේන් විලියම්සන්, විල් යං, මයිකල් බ්‍රෙස්වල්, ඩෙවොන් කොන්වෙ, මැට් හෙන්රි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?