AFC Banner
Empty Ad
Empty Ad

පසුගිය වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටි 24ක් මිය ගිහින්

පසුගිය 2023 වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ 2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ එවැනි සිදුවීම් 07ක් වාර්තා වී ඇති බවයි.

එසේම, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී ඇති බවයි එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා තවදුරටත් කියා සිටියේ.

2023 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි 9,714ක් ලැබී තිබුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?