AFC Banner
AFC Banner
Empty Ad

පදික මාරුව මත ලංවිම ලොරියක ගැටී පුද්ගලයෙක් මරුට

දඹුල්ල – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේ දී පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථය ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක්වූ පුද්ගලයා සිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් පැමිණ, යතුරුපැදිය මාර්ගයේ පසෙක නවතා පාරේ අනෙක් පස තිබූ ඖෂධහලකින් ඖෂධ ලබාගැනීමට සඳහා පදික මාරුව මතින් පාර මාරුවූ අවස්ථාවේ එකවරමදඹුල්ල දෙසින්⁣ අධික වේගයෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගිය පුද්ග්ගලයා ඹුල්ල, ඉනාමළුව, ඇටවරාහේන ප්‍රදේශයේ පදිංචිව වයස අවුරුදු 71ක අයෙක් බව සඳහන්.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?