AFC Banner
Empty Ad
Empty Ad

පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් විදුලි සැපයුම පියවරෙන් පියවර යථා තත්ත්වයට

සමස්ත දිවයින පුරා සිදු වූ විදුලි බිඳවැටීම පියවරෙන් පියවර යථා තත්වයට පත් කිරීමට සියලු කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීස සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම විදුලි පාරිභෝගිකයන්ට කනගාටුව පළකරන බව ද මණ්ඩලය ප්‍රකාශ කළා.

සමස්ථ දිවයින පුරා සිදුවී ඇති මෙම විදුලිය විසන්ධි වීම පද්ධතියේ සමතුලිතභාවය ද පවත්වා ගනිමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත් කිරීමට සියළු කටයුතු සිදු කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

කොළඹ ජාතික රෝහල තදාසන්න ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්වයට පත්කර ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

අනෙක් ප්‍රදේශවල ද විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය කියාසිටියේ.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවී තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
8
+1
2
+1
4
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?