AFC Banner
Empty Ad
Empty Ad

නේපාල ක්‍රිකට් තරුව ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වෙයි

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලැමිචනේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කත්මණ්ඩු දිසා අධිකරණය විසින් ඔහුට එරෙහිව ඊයේ (29) මෙම තීන්දුව ලබාදුන් බවයි.

කෙසේ වෙතත් ඔහුට හිමිවන දඬුවම සම්බන්ධයෙන් දඩුවම් විභාගය ලබන මස මුලදී පැවැත්වීම නියමිතව තිබෙනවා.

කත්මණ්ඩු හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙම පා දඟ පන්දු යවන්නාට 2022 සැප්තැම්බර් මාසයේ දී චෝදනා එල්ල වුණා.

මෙම චෝදනාවත් සමඟ ඔහුට නේපාල ජාතික කණ්ඩායමේ නායකත්වය ද අහිමි වූ අතර, තරග තහනමක් ද පනවනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහු පසුගිය ජනවාරි මාසයේ දී ඇප මත නිදහස් වූ අතර, ඒ අනුව ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සඳහා යළි නේපාල සංචිතයට ද පැමිණියා.

මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවන සන්දීප් ලැමිචනේ මුල සිටම කියා සිටියේ, පරීක්ෂණයේ සෑම අදියරකටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නීතිමය සටනක් කරන බවත්, මෙය කුමන්ත්‍රණයක් සහ වැරදි චෝදනාවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?