නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 10ක් නාවික හමුදා භාරයට

ත්‍රීකුණාමලය නිලාවේලි සහ ලංකාපටුන වෙරළ ප්‍රදේශයන්හි නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නිලාවේලි මුහුදු ප්‍රදේශයෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එම පුද්ගලයා සතුව තිබී නීති විරෝධී ‍ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයන් තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (04) අළුයම ලංකා පටුන වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව විසින් පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරන ලද පුද්ගලයින් 9 දෙනෙකු සමඟ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 116ක ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රා 3ක් සහ කිමිදුම් උපකරණ ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 48 ත් අතර වයසේ පසුවන තඹලගමුව සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම සැකකරුවන්, මසුන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුමාර තිරිමාදුරගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් - "අනුරගේ පක්ෂය වෙනුවෙන් හිරේ ගිය මනුස්සයෙක් මේ"
04:07
Video thumbnail
නාමල් ඇත්තටම අල්ලස් ගත්තද ?තිස්සකුට්ටි හෙළිකරයි - කවුරු වරදක් කළත් නීතියට යටයි
01:05
Video thumbnail
නාමල්ව හිරේට දැමීමෙන් රැළියට බෝනස් ජනතාවක් එකතු වුණා - මහා ජන සුනාමියක් අනුරාධපුරයට එනවා
03:46
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58