චරිත්ගේ නායකත්වයෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

එළඹෙන 15 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පසුගිය LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නිත්‍ය නායක කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලිය අහිමි වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර දැනුම් දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ, සංචිතය සඳහා උප නායකයා ලෙස නම් කළ චරිත් අසලංකටයි.

එමෙන්ම සංචිතයට නම්කර සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන්, ඔහුව සංචිතයෙන් ඉවත් කර ඔහු වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක සංචිතයට කැඳවනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අද (05) පස්වරුවේ කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන බවයි.

තරගාවලියේ පළමු තරගය ලබන ලබන 15 වැනිදා පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39