වාරි පද්ධතිය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් – ජනපති

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු වුණා.

මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරුණා.

මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතයි.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 – 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වනවා.

ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලබා දිය හැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ඒ අනුව, එම ජනතාව වෙනුවෙන් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වා දීම, පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාල සහ අපනයන සමාගම් සමග ඇති කර ගන්නා මිලදී ගැනීමේ ගිවිසුම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කර දීම ඇතුළු සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණා.

වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව අලි වැටක් ඉදිකිරීම සහ නඩත්තු කිරීම මෙන්ම සාර්ථක දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමට අදාළව ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සිදුකළ යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ, “කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය” නැවත ආරම්භ කිරීම ඇතුළු සුළු සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව මෙහිදී පෙන්වා දුන් තන්තිරිමලය රාජමහා විහාරාධිපති, පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන කැපවීම අගය කරන බවයි.

ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි අන්දමින් අද දින තීන්දු තීරණ රැසකට එළැඹීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදි සතුටු පළ කළා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, ප්‍රදේශීය ලේකම්වරුද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ප්‍රධානීන් සහ නියෝජිතයෝද, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර නෙළුගොල්ල ඇතුළු ව්‍යාපෘති නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42
Video thumbnail
නාමල් වෙනුවෙන් කට ඇරිය ගම්මන්පිල - නාමල්ව රිමාන්ඩ් කළේ නීති විරෝධී අයුරින්
06:00
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි - අනුරාධ ජයරත්නනේද මේ ?
04:53
Video thumbnail
නාමල්ව හිරගෙවල් 7ක දැම්මත් අපේ රැළිය අපි පවත්වනවා
01:24
Video thumbnail
කුමාර තිරිමාදුරගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් - "අනුරගේ පක්ෂය වෙනුවෙන් හිරේ ගිය මනුස්සයෙක් මේ"
04:07
Video thumbnail
නාමල් ඇත්තටම අල්ලස් ගත්තද ?තිස්සකුට්ටි හෙළිකරයි - කවුරු වරදක් කළත් නීතියට යටයි
01:05
Video thumbnail
නාමල්ව හිරේට දැමීමෙන් රැළියට බෝනස් ජනතාවක් එකතු වුණා - මහා ජන සුනාමියක් අනුරාධපුරයට එනවා
03:46
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48