AFC Banner
Empty Ad
Empty Ad

“නිවැරදි අපේක්ෂකයා තෝරාගෙන දිනවන වගකීම අපි ගන්නවා”- රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවැරදි අපේක්ෂකයා තෝරා ගන්නා වගකීම සහ එම අපේක්ෂකයා දිනවන වගකීම තම පක්ෂය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ හමුවෙන් පසුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පළමු සාකච්ජාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දී පැවත්වුණා.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා සමඟ පැය එකහමාරක පමණ සාකච්ජාවක් පැවතුන අතර මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයට පවසා ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම පක්ෂය තනිව කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?