spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවස තුළ දී බිරිඳ ඝාතනය කළ සැමියා දුම්රිය ස්ථානයකින් පැන දිවි නසාගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් හි මෙට්‍රෝ දුම්රිය ස්ථානයකින් බිමට පැන ඊයේ (01) පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා සිය බිරිඳව ඝාතනය කර නිවසින් පළාගොස් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

ගෞරව් ෂර්මා ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා ගුරුග්‍රාම් හි කුලියට ගත් මහල් නිවාසයක සිය බිරිඳ සහ දරුවා සමඟ ජීවත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් මාස හයකට පමණ පෙර එම නිවසේ පදිංචියට ගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

30 හැවිරිදි මෙම පුද්ගලයා පෙරේදා (31) දිනයේ නිවස තුළ දී තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙළ කපා ගඩොලකින් ඇගේ හිසට ද පහරදී ඝාතනයකර නිවසින් පළාගොස් තිබෙනවා.

පොලිසිය විසින් නිවස තුළ තිබී බිරිඳගේ සිරුර සොයා ගන්නා විට ඒ අසල ඔවුන්ගේ අවුරුදක් වයසැති දරුවා ද හඬමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබිය දී ඔවුන් පදිංචිව සිටි ගුරුග්‍රම් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30කට වැඩි දුරකින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසළ තිබී ඔහුගේ සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
9
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?