නිවස තුළ දී බිරිඳ ඝාතනය කළ සැමියා දුම්රිය ස්ථානයකින් පැන දිවි නසාගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් හි මෙට්‍රෝ දුම්රිය ස්ථානයකින් බිමට පැන ඊයේ (01) පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා සිය බිරිඳව ඝාතනය කර නිවසින් පළාගොස් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

ගෞරව් ෂර්මා ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා ගුරුග්‍රාම් හි කුලියට ගත් මහල් නිවාසයක සිය බිරිඳ සහ දරුවා සමඟ ජීවත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් මාස හයකට පමණ පෙර එම නිවසේ පදිංචියට ගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

30 හැවිරිදි මෙම පුද්ගලයා පෙරේදා (31) දිනයේ නිවස තුළ දී තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙළ කපා ගඩොලකින් ඇගේ හිසට ද පහරදී ඝාතනයකර නිවසින් පළාගොස් තිබෙනවා.

පොලිසිය විසින් නිවස තුළ තිබී බිරිඳගේ සිරුර සොයා ගන්නා විට ඒ අසල ඔවුන්ගේ අවුරුදක් වයසැති දරුවා ද හඬමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබිය දී ඔවුන් පදිංචිව සිටි ගුරුග්‍රම් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30කට වැඩි දුරකින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසළ තිබී ඔහුගේ සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23