AFC Banner
Empty Ad
Empty Ad

නිවසින් අතුරුදන් වූ ඉඟිනියාගල සිසුවියන් දෙදෙනා අකුරුමුල්ලේ නිවසකින් හමුවේ

ඉඟිනියාගල, පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බව කියන සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේ දී සොයාගත් බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඉකුත් 15 වනදා මෙලෙස අතුරුදන් වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනෙක්.

මේ සිසුවියන් දෙදෙනා නිවසින් පිටව කොළඹට පැමිණිමෙන් අනතුරුව එක් සිසුවියක් සමඟ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙක්ට ඇමතුමක් දී මුණගැසී තිබෙනවා.

පසුව එම තරුණයා විසින් මෙම සිසුවියන් දෙදෙනා ඔහුගේ මිතුරෙකුගේ අකුරුමුල්ලේ පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඔවුන්ට එහි නවාතැන් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිසුවියන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් ඉඟිනියාගල පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
21
+1
92
+1
12
+1
5
+1
10
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?