නිවසක මුලුතැන්ගෙයක ගෑස් පිපිරුමක CCTV දර්ශන

දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් ඊයේ සහ පෙරේදා දිනයේ බහුලව වාර්තා වුණා.

පෙරේදා දිනයේ තුළ පමණක් මේ ආකාරයේ සිදුවීම් 16 ක් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ගෑස් ආශ්‍රිත හදිසි අනතුරු සංඛ්‍යාව 20ක්.

දිනෙන් දින ඉහළ යන ගෑස් ආශ්‍රිත මෙම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි පිළිතුරක් ලබාදීමට රජයේ හෝ අදාල ගෑස් සමාගම් මෙතෙක් සමත් වී නැහැ.

මේ අතර වාරයේ ඊයේ දිනයේ දී මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් ප්‍රධාන ගබඩාව වෙත යන්නේ දිනෙන් දින බුර බුරා නැගෙන මේ සමාජ ගැටලුවට පිළිතුරු සොයා ගැනීමේ අරමුණෙන්.

එහිදී අප සමග අදහස් දක්වන මෙම ගබඩා සංකීර්ණයේ කළමනාකරු පවසා සිටින්නේ, පසුගිය ජූලි මාසය තුළදී ඔවුන් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන ගෑස් සංයුතියේ යම්කිසි වෙනසක් සිදුකළ බවයි.

එලෙස සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර සාම්පල වශයෙන් පාරිභෝගිකයින් වෙත බෙදා හැරි බව ඔහු එහිදී කියා සිටියා.

කෙසේ වෙතත් එම සංයුතියේ ප්‍රතිශතය කෙතරම් ද යන්න සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදී පසන් නන්දුල නැගූ පැනයට මෙම කළමනාකරුට පිළිතුරුක් තිබුණේ නැහැ.

ඔහු කියා සිටියේ එම ප්‍රශ්නය ඔහුගෙන් නොවිමසන ලෙසයි.

මෙලෙස අතිශය ආරක්ෂාකාරී ලෙස භාවිත කළ යුතු පාරිභෝගික භාණ්ඩයක් වන ගෑස් සමාගම්වලට සිතෙන සිතෙන ආකාරයට සංයුතිය වෙනස් කරමින් පාරිභෝගිකයා වෙත නිකුත් කළ හැකි ද?

මෙලෙස පාරිභෝගිකයින් රසායනාගාර මීයන්ගේ තත්වයට පත් කර ගැනීමට මෙම ගෑස් සමාගම් වලට ඇති අයිතිය කුමක්ද?

මේ ගැටලුවලට තවමත් පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට මෙම ගෑස් සමාගම්වලට හැකියාවක් ලැබී නැහැ.

මේ අතර අතරවාරයේ සමාජය නොමග යවන විවිධ ප්‍රකාශ සිදුකරන ගෑස් සමාගම් බලධාරීන් සහ දේශපාලන අඳ බාලයින්ට කදිම පිළිතුරක් ලබා දෙමින් මුලුතැන්ගෙයක ගෑස් ලිප ආසන්නයේ හදිසියේ සිදුවන කුඩා පිපිරී යාමක් ඒ මුළුතැන්ගෙයි සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝවට අදාළ නිවස හෝ මුළුතැන්ගෙය සොයා ගැනීමට අප ප්‍රවෘත්ති කණ්ඩායම උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට සමාජයේ පුපුරා යන ගෑස් ගැටලුවට සහ එයට නොගැලපෙන උත්තර සපයන්නන්ට මේ සම්බන්ධයෙන් දිය හැකි පිළිතුර කුමක්ද?

https://youtu.be/tn8__rAC1co


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55