නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 4ක් අතරුදන්

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබේ.

අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කළේය.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?