නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියා.

මෙම නිල සංචාරයේදී ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

මෙහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු වුණා.

එමෙන්ම, ඇය දිවයිනේ රැඳී සිටි කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් එක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?