නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය පිලිපීනයට

ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (08) රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගියා.

මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා ඇතුළු පිලිපීන රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබුවා.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව මෙම නිල සංචාරයේ දී ඇය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කාන්තා දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26