දොමිපේ ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දොම්පේ ශ්‍රී ලකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක උපාලි ගුණරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 72වැනි වියේ පසු වු බවට වාර්තාවෙනවා.
උපාලි ගුණරත්න, 1994 සිට 2000 වර්ෂය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළා.
ඉන් අනතුරුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස 2019 සිට 2020 දක්වා කෙටි කාලයක් ඔහු මන්ත්‍රී ධුරයක් දැරුවා.
ඔහු දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන හා සංවර්ධන සමාජ සේවා මෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ දේශපාලනඥයෙක් බවට සඳහන් වෙනවා.
ඒ වගේම ජාතික රූපවාහිනී සංස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ස.තො.ස. ආයතනවල සභාපති ධුර දරමින් පරිපාලකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
අවසන් කටයුතු හෙට එනම් 14 වැනි සෙනසුරාදා ප.ව. 2.00ට දෙකටන නාමළුව පවුලේ සුසාන භුමියේදී සිදුකෙරෙන බවට නිවේදනය කරනවා.










