Empty Ad
AFC Banner
AFC Banner

නිදහස් දින සැමරුම් උළෙලේ වියදම ගැන පළවන ඇතැම් පුවත් අසත්‍යයි – ජනාධිපති කාර්යාලය

75 වන නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවයේ වියදම පිළිබඳ පළවන ඇතැම් පුවත් සාවද්‍යය බව ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා.

එලෙස පළවන පුවත්වල දකවා ඇති පරිදි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් මුදල් ලබා ගැනීමක් සිදු නොකළ බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සාවද්‍ය පුවත් සහ තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරයි.

පැහැදිලිව එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමඟ යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතුය.

ඒ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීමට කටයුතු කිරිම පවා වරදක් ලෙස ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත.

නමුත් අවධාරණය කළ යුතුව තිබෙන්නේ මෙම සැමරුම් උත්සවය සඳහා ආරාධිත ඉහළ පෙළේ විදෙස් රාජතාන්ත්‍රිකයන් වන ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජාබි බීර් රායි (Jai Bir Rai), මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුලිලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජය අමාත්‍ය වී. මුරලිදරන් (V. Muraleedharan), නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ප්‍රැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීහූ සහභාගී වූ බවය.

තවද විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 3200ක් පමණ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6670ක් ඇතුළු අති විශාල පිරිසක් උත්සවය සඳහා එක්ව සිටියහ.

එසේම මෙම උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය වේ.

මෙම උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිඳු මුදලක් වැය කර නැත.

තවද ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙවර පැවති 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවත් අවධාරණය කළ යුතුව ඇත.

ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවද සිහිපත් කළ යුතුව ඇත.

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩඑමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිළිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමකි.

අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්යය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වෙයි.

එබැවින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාර ජනාධිපති කාර්යාලය ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ දරුවාගේ වැරැද්දක් දුටු තැන - ආදරයෙන් එය පෙන්වා දී යහමගට ගන්න
04:37
Video thumbnail
කුඩ්ඩෝ උස්සපු ත්‍රීවිල් පොලිසියට මාට්ටු - ඔයාගේ නැතිවුණ එකත් තියෙනවද බලන්න
03:18
Video thumbnail
බිත්තරේ අඩු වුණාට ෂෝටීස්‌ අඩු කරන්නෑමයි - කඩ හිමියෝ කියයි
05:03
Video thumbnail
මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යාට වුණේ මොකක්ද ? මාධ්‍ය හමුවේ හෙළි කරයි
18:03
Video thumbnail
හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් - පවුලේ ඥාතීන්ගෙන් චෝදනා
18:19
Video thumbnail
ජනපති මත්ද්‍රවය ජාවාරම් කාරයින්ට රතු එළි දල්වපු හැටි
01:42
Video thumbnail
කාදිනල්තුමාට මඩ ගහනවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
04:31
Video thumbnail
ඇමතිගේ නිව්ස් ගහපු නැති නිසා ගෙදර යන්න වුණු සභාපති
06:04
Video thumbnail
ආණ්ඩුව ලුණු ප්‍රශ්නයත් ලස්සනට විසඳයි - රටින් ලුණු ගේන්න ටෙන්ඩර් දාලා තියෙන්නේ
09:00
Video thumbnail
සුන්දර නුවරඑළියේ අම්බානක සෙනඟ
03:03

?