නිධන් හෑරූ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට(ඡායාරූප)

මොණරාගල වැලියාය ප්‍රදේශයේ නිධන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර මෙවර පලාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙකු හා ඔහුගේ පියාද වන බවයි පොලිසිය පවසන්නේ.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල සහ වැලියාය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සිද්දිය සම්බන්දයෙන් අප කළ විමසීමකදී ජාතික ජන බලවේගයේ මාධ්‍ය ලේකම් වරයා පැවසුවේ මෙම ස්ථානයේ නිධන් හැරීමක් සිදුවී නොමැති බවයි.

පානීය ජලය ලබා ගැනීම සදහා කැණීමක් කර ඇති බව ඔහු පැවසුවා.

WhatsApp Image 2023 03 13 at 16.31.48
WhatsApp Image 2023 03 13 at 16.31.44
WhatsApp Image 2023 03 13 at 16.31.40 1
WhatsApp Image 2023 03 13 at 16.31.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
18
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?