නැගෙනහිර මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගැනේ

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී රෝගීව අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව විසින් අද (03) දින කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ත්‍රීකුණාමලය ධීවර වරායෙන් 2026 ඔක්තෝබර් මස 01 වැනි දින ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති ‘වෙනුෂ පුතා’ නමැති බහුදින ධීවර යාත්‍රාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් නාවික සැතපුම් 11ක පමණ දුරින් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු රෝගාබාදයකට ලක්වීම හේතුවෙන් අසාධ්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව මෙම මෙහෙයුම සඳහා නැගෙනහිර නාවික විධානය වෙත අනුයුක්ත පි 460 වේග ප්‍රහාරක යාත්‍රාව යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරුණා.

ඒ අනුව, එම ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47