spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාර්තුපාන පාලම අසල කැබ් රථයක් – හිමිකරු අතුරුදන්

අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල ඊයේ (28) රාත්‍රී දමා ගොස් තිබූ කැබ් රථයක් අද උදෑසන අඟුරුවාතොට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමුවී ඇත්තේ මිට්සුබිසී වර්ගයේ කැබ් රථයක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී කැබ් රථයේ හිමිකරු බොරලැස්ගමුව අබේරත්න මාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු බලංගොඩ ප්‍රදේශයේ කුඩා ජල විදුලි බලාගාරයක සභාපති ලෙස රැකියාව කළ සිවිල් ඉංජිනේරුවරයෙකු බව සඳහන්.

ඔහු පදවාගෙන යමින් සිටි කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලම අසල නවතා තිබියදී අලුයම 1.30ට පමණ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත පොලිසියේ නිලධාරීන්ට හමුවී තිබෙනවා.

කැබ් රථයේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර පොලිස් නිලධාරින් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී කැබ් රථය තුළ ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැළඳුම් අඩංගු ගමන් බෑගයක්, සෙරෙප්පු යුගලක්, තොප්පියක් සහ රියදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇතැයි සඳහන්.

මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවරයාගේ බිරිඳ ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා සැමියාට රාත්‍රී 8.30ට පමණ දුරකථන ඇමතුමක් ලබා දීමේදී ඔහු කැස්බෑව ප්‍රදේශයේ සිට පැමිණෙන බව ප්‍රකාශ කළ බවයි.

අනතුරුව සිවිල් ඉංජිනේරුවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (29) අලුයම නාර්තුපාන පාලම අසලට පැමිණ කැබ් රථය හඳුනාගෙන තිබෙනවා.

හොරණ පොලිස් නිල සුනඛ බෲනෝ ඉංජිනේරුවරයා පරිහරණය කරන ලද තොප්පිය සහ පාවහන් යුගළ ඉව කිරීමෙන් අනතුරුව මීටර් 20ක් පමණ ගොස් ආපසු හැරී පැමිණි බව සඳහන්.

සිවිල් ඉංජිනේරුවරයාව යම්කිසි කණ්ඩායමක් පැහැර ගත්තාද ? ඔහු නාර්තුපාන පාලමෙන් කළු ගඟට පැන සිය දිවි නසා ගත් බවට හැඟවීමට ඔහුගේ කැබ් රථය ඒ ආසන්නයට ගෙනත් දැම්මාද යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19
Video thumbnail
මිහින්තලේ හිමි ජනාධිපති අපේක්ෂකත්වයට? රට ගොඩගන්න මිහින්තලේ හිමිගෙන් වේදිකාවක්
07:59
Video thumbnail
ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂවල සහය කාටද?
07:45
Video thumbnail
පොළව ඉම්බේ නැතිවුණාට මාතෘභූමිය බේරගන්න ආවේ :- රතිඳු සේනාරත්න #ratta #රැට්ට #damitha_abeyrathna
03:41

?