AFC Banner
Empty Ad
Empty Ad

නාම යෝජනාවක් ගැන ඉදිරිපත් වූ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව සඳහා තමන් විසින් භාර දුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලා.

බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා පත්‍ර භාර නොදුන් බවට චෝදනා කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම් භාර නිලධාරයා කටයුතු කළ බව පෙත්සමේ සඳහන්.

මීට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සහ පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අදාළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

එම්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?