එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (13) නියෝග කළා.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවිම නිසා මෙලෙස නියෝග කළා.
සැකකරුට එරෙහිව වහාම අධිවෝදනා ගොනුකර අධිකරණයට වාර්තා කිරිමට ද අල්ලස් කොමිසමට නියෝග කළා.
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය්දී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියම කරන ලෙස අල්ලස් කොමිසම විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදුකළා.










